ඔන්න එහෙනම් විවේකිව ඉන්න සෙනසුරාදා දවසෙ පොස්ට් එකක් අරන් අපි අවා….

අපි සාමන්යෙන් මාස් ගෙනර් එකක් ගැන කතා කරද්දි අපි දකින දෙයක් තමයි හුගක් අය කැමති නැහැ සීනි සහිත මාස් ගෙනර් වලට…

ඉතින් මේ පොස්ට් එකෙන් කතා කරන්නෙ සීනි රහිත ස්වභාවික දේවල් වලින් ෆැට් එක ලබා දෙන මාස් ගෙනර් එකක් හදන හැටි…

හැබැයි මෙතන්දි සීනි එකතු නොවුනට දියවැඩියාව සහිත කෙනෙක්ට බවිතා කරන්න බැහැ..මොකද අපි මෙතන්දි බාවිතා කරන කාබෝහයිඩ්‍රෙට් වර්ග ජිර්නය වීමේදි රුධිර ගත සීනි සාන්ද්‍රණය ඉහල යන්න තියන ඉඩ කඩ වැඩි…

අනිත් එක තමයි අපි මෙතන්දි ප්‍රෝටීන් මූලශ්‍රය ලෙස බවිතා කරන්නෙ වේ ප්‍රොටීන් එකක්…මෙන්න මේ වේ ප්‍රොටීන් එක බවිතා කරන්න කියල නියමයක් නැහැ ඒත් පුලුවන් තරම් වේ ප්‍රෝටීන් අයිසොලෙට් එකක් බවිතා කරන්න පුලුවන් නම් වටිනව…. අපි එහෙනම් මුලින්ම බලමු මොනාද මෙකට අවශ්‍ය දෙවල් කියල…..

1.වේ ප්‍රෝටීන් ස්කූප් 2ක් (අපි මෙතන්දි බාවිතා කලෙ nitro-tech ප්‍රෝටීන් එක )

2.සම්පූර්ණ යොදය සහිත කිරි කෝප්ප 2ක්(මිලිලීටර් 475 )

3.ඕට්ස් කෝප්ප 1/2 (ග්‍රෑම් 45)

4.මද්‍යම ප්‍රමානයෙ කෙසෙල් ගෙඩියක්

5.සොබාවික පීනට් බටර් තේ හැන්දක්

6.අයිස් කැට

වැදගත් කරුනු..

ඔයාලට පේනව ඇති අවශ්‍ය ද්‍රව්‍ය හුගක් ලේසි සරල දෙවල් කියල…ඉතින් අපි පොඩ්ඩක් බලමු මොකටද මෙව දැම්මෙ කියල…මුලින්ම කිරි ගත්තොත් කිරි දාන එක ගැන කට්ටියට ප්‍රශ්න්‍යක් එන්න පුලුවන් ෆැට් නැති කිරි එකක් දාන්න පුලුවන් නෙද කියන එක …

එහෙම අවශ්‍ය නැහැ මොකද හෙතුව ඔයා මාස් ගෙනර් ශේක් එකක් බවිතා කරන්නෙ ෆැට් එකත් එක්ක සයිස් කරන්න එහෙම උනාම කිරි වල අන්ත්ර්ගත් ෆැට් එක ගැන එච්ච්ර හිතන්න ඔනෙ නැහැ..

ඒවගේමයි මෙතන්දි කිරි පිටි බවිතා කරන්වට වඩා හොදයි අබේවෙල ෆ්රෙශ් මිල්ක් එකක් පාවිච්චි කරන්න පුලුවන් නම් මොක්ද හෙතුව හුගක් වෙලාවට පිටි කිරි වලට සෙම වඩි වෙන්න ඉඩ කඩතියන්ව.

මෙතන්දී ඕට්ස් පාවිච්චි කලෙ අපේ කාබෝහයිඩ්‍රේට් එක විදියට මොකද ඕට්ස් ජිර්නය වෙන්න ටිකක් වෙලා යන්ව වගෙම ත්මයි හොද තන්තු ප්‍රමනයක් අන්තර්ගත වෙනව…

හුගක් අයට ප්‍රශ්න්‍යක් වෙන්න පුලුවන් ඇයි අපි පීනට් බටර් පාවිච්චි කලෙ කියල..එක තමයි අපේ ප්‍රදාන මේද මූලාශ්‍රය…කට්ටිය හිතන්න එපා ෆැට් ඔනෙ නැහැ කියල ෆැට් ඔනේ අනිවාර්යෙන් ඒ උනාට අපි ඒක සොබාවිකවම අරන් තියන් නිසා ගැටලුවක් නැහැ…

පීනට් බටර් වගෙ දෙවල් කීල්ස් සුපර් , ආපිකො සුපර් වගේ සුපිරි වෙලද සැල් වලින් ගන්න පුලුවන් මිල නම් ටිකක් අදිකයි….එක ගන්න අමාරුයි වගේ නම් ආදේශකයක් විදියට අලිගැටපේර හොදයි…. අලිගැටපේර ග්‍රෑම් 60ක් විතර එක පාරකට දාන්න පුලුවන් ඔක්කෝම එකට බ්ලෙන්ඩර් එකකට දාල හොදට බ්ලෙන්ඩර් කරන්න…..ඔන්න ඔයාලගෙ මාස් ගෙනර් එක හදල ඉවරයි…

අපි එහනම් බලමු කොහොමද මේකෙ පෝශ්‍ය පදාර්ත සංයුතිය කියල…

කැලරී – 955

සම්පුර්න මේද ප්‍රමානය – ග්‍රෑම් 30 – 40ත් අතර

කාබෝහයිඩ්‍රේට් – ග්‍රෑම් 90-110ත්අතර

ප්‍රෝටීන් -ග්‍රෑම් 75-80 ත් අතර ( ඔයා පාවිචි කරන වේ ප්‍රෝටින් එක අනුව වෙනස් වෙනව )

ඔන්න එහෙනම් ඔයාලට ගෙදරදිම හදාගන්න පුලුවන් මාස් ගෙනර් එකක් ගැන පොස්ට් එක මෙතනින් ඉවරයි.. පොස්ට් එක හොද නම් ලයික් කරල තව කෙනෙක්ට බලන්න ශෙයර් කරන්න.

ඔයාටත් ෆිට්නස් ගැන බොඩිබිල්ඩින් ගැන සප්ලිමන්ට්ස් ගැන ප්‍රශ්න තියනවද ? හරියට සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද ? එකතු වෙන්න අපේ පේජ් එකත් එක්ක.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක