පිලිගන්නව අලුත්ම එපිසෝඩ් එකකට ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ ටිකක් අලුතෙන් කතා කරන මාතෘකාවක් ගැන.

අහල තියනවද මයින්ඩ් මසල් කනෙක්ශන් කියල දෙයක් ගැන ?

සමහර අය අහල ඇති සමහර අය අහල නැතුව ඇති ඉතින් හැමෝටම දැනගන්න අද අපි කතා කරමු මේක ගැන.

ඇත්තටම මයින්ඩ් මසල් කනෙක්ශන් කියල කියන්නෙ සරලවම කියනව නම් අපි යම්කිසි බරක් උසුලද්දි එ සදහා යොදාගන්න මාංශපේශි වල සංකෝචන සහ ඉහිල් වීම පිලිබදව මනසින් අවධානයකින්කිරීම

ටිකක් තේරුනේ නෑ වගේද ?

මෙහෙමයි හිතන්න අපි බයිසෙප් කර්ල් එක ගහනව කියල එක සෙල්ලම් කරනකොට අපි නිකන් ඔහේ ගහනව වෙනුවට එහෙම නැතිනම් කොහොමහරි බර උස්සන එක ගැන හිතනව වෙනුවට බයිසෙප් මසල් එකේ සංකෝචන සහ ඉහිල් වීම ගැන අවදානය යොමු කරන්ව නම් හොද ප්‍රතිපල ගන්න පුලුවන් කියල පරීක්ශන වලින් ඔප්පු වෙලා තියනව .

ඒ කියන්නෙ මයින්ඩ් මසල් කනෙක්ශන් කියනදේ මසල් හයිපට්‍රෝපි කියන දේට බලපෑමක් ඇති කරන්ව.

මෙතන්දි අපි මතක තියාගන්න ඕන දේ තමයි ජිම් එකේ තියන බර ඔක්කොම දාල මේක කරන්න බැහැ මොකද ලොකු බරක් තිබ්බොත් අපි හිතන්නෙ කොහොමහරි බර උඩට උස්සගන්න එක ගැන මිස මයින්ඩ් මසල් කනෙක්ශන් ගැන හිතන්න වෙලාවක් නැහැ.

ඒක නිසා තමන්ට කන්ට්‍රෝල් කරගන්න පුලුවන් බරක් දාල සෙල්ලම් කරන එක තමයි හොදම දේ.

ඔයාටත් ෆිට්නස් ගැන බොඩිබිල්ඩින් ගැන සප්ලිමන්ට්ස් ගැන ප්‍රශ්න තියනවද ? හරියට සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද ? එකතු වෙන්න අපේ පේජ් එකත් එක්ක.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක