ජිම් යන හැමෝගෙම ලොකු හීනයක් තමයි සුපිරියට ආර්ම්ස් හදාගන්න එක.

ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ සුපිරියට ආර්ම්ස් සයිස් කරන්න පුලුවන් ඔයාල අහලවත් නැති ව්‍යායාම 8ක් ගැන.

හුගක් අය කොච්චර සෙල්ලම් කරත් අර්ම්ස් සයිස් වෙන්නෙ නැහැ කියල මැසිවිලි නගන එක සාමාන්‍ය දෙයක් මේකට හේතු කීපයක් බලපාන්න පුලුවන්

පෝශනය , විවේකය හරි ටෙක්නික් වගේම තමයි තව විශේශ දෙයක් තමයි ව්‍යායාම වෙනස් නොකිරීම.

මොකද්ද යකෝ ඒ කිව්වෙ ?

මෙන්න මේකයි සීන් එක. සමහර අය උපන්දා සිට මැරෙනකම් අර්ම්ස් වලට කරන්නෙ එකම ව්‍යායාම ටික.

ඕක එච්චර හොද දෙයක් නෙමේ. මොකද අනිවාර්යෙන් අපි ව්‍යායාම වෙනස් කරන්න ඕනෙ ඒක නිසා තමයි ශෙඩියුල් එකක් උනත් මාස ගනකින් වෙනස් කරන්න කියන්නෙ.

ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ හැමදාම ගහන බාර්බෙල් කර්ල් එක වෙනුවට ජිම් එකේ කරන්න පුලුවන් බයිසෙප් ව්‍යායාම 8ක් ගැන මේකෙ ව්‍යායාම 8 එක්ක ඒක කරන්නෙ කොහොමද කියල තියන යූටියුබ් ලින්ක් එකක් අපි දාල තියනව.

කරල බලන්නකො එහෙනම් කොහොමද වෙනස කියල. පොස්ට් එක වැඩිය දිගට ලියන්න ඕනෙ නෑ. ප්‍රශ්න තියනව නම් දන්නවනෙ කරන්න ඕනෙ දේ ? ඊලග පොස්ට් එකෙන් හම්බෙන නම් එහෙනම් කොල්ලො අපි ගියා .

1.Drag Curl

2.Cable Preacher Curl

3.Dumbbell Waiter Curl

4.Cable Spider Curl

5.Weighted Chin Ups

6.Zottman Curl

7.TRX Bicep Curl

8.Sled Rope Pull

ඔයාටත් ෆිට්නස් ගැන බොඩිබිල්ඩින් ගැන සප්ලිමන්ට්ස් ගැන ප්‍රශ්න තියනවද ? හරියට සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද ? එකතු වෙන්න අපේ පේජ් එකත් එක්ක.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක