ආයුබෝ වේවා කියල හැමෝම පිලිගන්නව ලංකාවෙ අංක එකේ ෆිට්නස් හබ් එකට. අලුත් දේවල් ගොඩක් එක්ක අපි මේ අවුරුද්දෙ ඔයාල හම්බෙන්න එන්න තමයි හිතන් ඉන්නෙ.ඉතින් එහෙම හම්බෙන්න
එනකම් අපි අද කතා කරන්න හදන්නෙ 2021 කොහොමද ඇග හදන්නෙ කියල.
දැන් ඉතින් බනින්න කට හදන්න එපා හොද දෙකක් කියල බනින්න. මොකද මෙච්චර කල් හදන්න බැරි වෙච්ච ඇග කොහොමද 2021 හදන්නෙ කියල. හරි එහෙම උනා කියල අපි සැලෙනවද ? නැනෙ නෑනෙ
අපි ජිම් යනව එහෙනම් ලමයි බලමු 2021 කොහොමද ඇග හදන්නෙ කියල.

1.කෑම හැම වෙලේම එක.
මේක නම් කට කැඩෙන කම් කියල ඇති කොච්චර කිව්වත් වැඩක් නැහැ. මතක තියාගන්න රයිසුයි කොත්තුයි කාල ඇග හදන එක ගැන නෙමේ මම මේ කතා කරන්නෙ. හරි කෑම
ලංකාවෙ කෑම කාල ඇග හදන්න බැහැ කියන්නෙ බයිල හොදේ හරියට තමන්ගෙ කෑම බීම ටික කනව නම් ටික කාලයක් යනකොට ලස්සනට ප්‍රතිපල බලාගන්න පුලුවන්
ඒත් ඒක නේමේනෙ කරන්නෙ පෙති පස්සෙ දුවන එකනෙ. ඒක නිසා මතක තියාගන්න කෑම ව්ලට මුල් තැන් දෙන්න.

2.සප්ලිමන්ට් මත්තෙ යැපෙන්න එපා.
සමහර අයට සප්ලිමන්ට් කියන්නෙ නිකන් දෙයියෙක් වගේ. එහෙම නැති නම් මැජික් කරන දෙයක් වගේ එහෙම වෙන්න එපා සප්ලිමන්ට් කියන්නෙ අතිරේකව මදිවෙන පෝශනය ලබාදෙන්න
තියන දෙයක් මිසක් කොයිවෙලේවත් යැපෙන්න ඕන දෙයක් නෙමේ. අනික තමයි තමන්ට හරියන සප්ලිමන්ට් එක තෝරගන්න නැතුව කවුරුත් කියන සප්ලිමන්ට් එක ගන්නෙ නැතුව.

3.කොරෝන නිසා එපා උනාද ?
මේ ඇති වෙච්ච් වසන්ගතය සෑහෙන්න කරුමයක් උනා ජිම් එහෙමත් සෑහෙන කාලෙකට වැහුව. ඒකෙන් වෙච්ච දෙයක් තමයි හොදට කරගෙන ආපු අයට එපා වුන එක. සමහර අය නම් ගෙදර ඉදන්ම
සෙල්ලම් කරල තිබුන ගේම අතාරින්නෙ නැතුව. ඒ අයට රෙස්පෙක්ට් කියන ගමන් එපා උන අයට කියන්න තියෙන්නෙ හොද හුස්මක් අරන් ආයෙ පටන් ගමු කියල මොකද ඕක අතෑරිය කියල අමුතු දෙයක් වෙන්නෙ
නැහැ පාඩුව ඔයාටමයි

4.හරි ටෙක්නික් හරි ව්‍යායාම
යල් පැනපු පුස් කාපු ව්‍යායාම හැමදාම වැරදියට කරපු ව්‍යායාම වෙනුවට අලුත් හොද ඉෆෙක්ටිව් ව්‍යායාම ටිකක් තෝරගන්න. ඒවගේම හරි ටෙක්නික් එකට ඒක සෙල්ලම් කරන්න. දන්නෙ නැති නම් දන්න කෙන්ක්
ගෙන් අහගන්න එහෙම බැරි නම් යූටියුබ් වීඩියෝ ටිකක් බලල හරි ඉගෙන ගන්න වැඩි බර නෙමේ හරියට සෙල්ලම් කරන එක වඩා වැදගත් බව මතක තියගන්න

5.හොදට රෙස්ට් කරන්න
හිතන් ඉන්නව නම් ජිම් එකෙ පදිංචි වෙලා හිටියම ඇග හැදෙනව කියල ඔයාට සෑහෙන්න වැරදිල බ්‍රෝ. රෙස්ට් කරන්න ඕනෙ ඒක අනිවාර්යයෙන්මතක තියාගන්න. ඒක නිසා පිස්සෙක් වගේ පැය විසිහතරම
ජිම් එකේ රිංගන්නෙ නැතුව රෙස්ට් දවසට හොදට රෙස්ට් කරන්න.

එහනම් මේ පෝස්ට් එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මේ ටික තමයි අපි ඊලග පෝස්ට් එකෙන් හම්බෙන කම් හැමෝටම ජය. ඔයා තාම ඔයාගෙ අලුත් අවුරුදු තෑග්ග බැලුවෙ නැද්ද ? මෙතනින් බලන්න

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල
දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න –
දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක