සුබ අලුත් අවුරුද්දක් වේවා ෆිට්නස් පිස්සො හැමෝටම ඉතින් ඔන්න එහෙනම් හැමෝටම තෑගිත් අරන් අපි ආව මේ අවුරුද්දෙ පලවෙනි ෆිට්නස් ලිපිය අරගෙන. ඉතින් හැමෝම සුවෙන් සැපෙන් ඇති කියල හිතනව. අද මාතෘකාව ටිකක් අමුතුයි වගේ නෙ ?
ඔව් හැමදාම අලුත් දේවල් ගේන අපි අද ගෙනාව අලුත්ම තොරතුරු සහිත ලිපියක්. එහෙනම් බහිමු පොස්ට් එකට

“ශරීර සංයුතිය විශ්ලේෂකය” මොකද්ද යකෝ ඒ ? තේරෙන සිංහලෙන් කිව්වොත් Body Composition Analyzer

හරි දැන් බලමු මොකද්ද මේ කියපු අටමගලෙ කියල ඉස්සර ඉදන් අපි ඇගක් හදන්න සෑහෙන්න මහන්සි වෙනව කනව බොනව සෙල්ලම් කරනව සෑහෙන කට්ටක් කනව. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනව ඇගක් හදද්දි කාල බීල සෙල්ලම් කලාම විතරක්
ඇතිද වෙන මුකුත්ම කරන්න ඕනෙ නැද්ද ?

අද තාක්ෂණය දියුණුව කොච්චර ද කියල ෆිට්නස් සෙට් එකට කියන්න ඕනෙ නැහැනෙ. මෙහෙම කියමුකො අපේ ඇග ගැන අපි මොනාද දන්නෙ ? ඔව් අපිට ලේ එකක් චෙක් කලා නම් අපේ ඇග ගැන සෑහෙන්න දේවල් දැනගන්න පුලුවන්. එහෙම නැතුව ෆිට්නස් වලදි
වැදගත් වෙන දේවල් බලාගන්න විදියක් නැද්ද ? මොනාද දැන් ඔය දැනගන්න ඕන දේවල් ?

1.ශරීරයේ මේදය
දැන් කට්ටිය සෑහෙන කාලයක් සෙල්ලම් කරනව ඇතිනෙ ඔයාගෙ ඇගේ මේද ප්‍රතිශතය ඔයා දන්නවද ? එහෙම නැති නම් ඉන,අත් කකුල් වල කොච්චර මේද ප්‍රතිශතයක් තියනවද ? ඇගේ සම්පූර්න මේද බර කීයද ? මම නම් හිතන්නෙ 90% ඕක දන්නෙ නැහැ
හැබැයි සහෝදර වරුනි ඕක මාර වැදගත් කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ

2.ශරීරයේ මාංශපේශි

ඔයාදැන් සෙල්ලම් කරල බයිසෙප් එක එහෙම සෑහෙන්න දැන් ඔය බයිසෙප් මසල් එකෙන් මසල් කොච්චරක් තියනවද ? ෆැට් කොච්චර තියනවද ? හරි ආර්ම් එක අමතක කරන්නකො පිම්බිල හිටියට ඇගෙ මසල් මාස් එක කොච්චරක්ද කියල දන්නවද ?

3.ශරීරයේ වතුර ප්‍රතිශතය

ඔයාගේ ශරීරයේ වතුර ප්‍රතිශතය මේක හුගක් වැදගත් වෙනව තරගයකට වගේ සූදානම් වෙන කෙනෙක්ට මොකද කිව්වොත් සිරුරෙ වතුර ප්‍රමානය ඉවත් කිරීම සෑහෙන්න අවශ්‍ය වන දෙයක්

4.ද්‍රශ්‍ය මේද ඇගයීම

පෙනුමෙන් ෆැට් කොච්චර තියනවද කියන එක ඇගයීමක් කලොත් කොපමන අගයක් එයිද ? අන්න ඒ අගය තමයි මෙතනින් පෙන්නුම් කරන්නෙ

5.බේසල් මෙටබොලික් රේට් එක

ඔයාගෙ BMR කීයද ? වරද්ද ගන්න එපා BMI එක නෙමේ BMR එක මේකෙන් පෙන්නුම් කරන්නෙ දෛනිකව ඔයාට කොච්චර කැලරි ප්‍රමානයක් අවශ්‍යද සාමාන්‍ය ක්‍රියාවලි ටික කරගෙන යන්න මේක හුගක් වැදගත් දෙයක් අපි මේක ගැන වෙනම පොස්ට් එකකින්
හරි වීඩියෝ එකකින් කතා කරමු

6.BMI


මේක නම් හැමෝම වගේ දන්නව මෙතනින් බලන්නෙ උසට සරිලන බර තියනවද කියන එක

දැන් තියන ලොකුම ප්‍රශ්නෙ මේකයි ඉස්පිරිතාලෙට රිංගන්නෙ නැතුව කොහොමද මේටික බලාගන්නෙ ? මේකට තියනව මැශීන් එකක් Body Composition Analyzer එකක් මේකෙන් ඔය උඩ කතා කරපු හැමදෙයක්ම බලාගන්න පුලුවන්
මේක ටිකක් මිල අදික උපකරනයක් ඒක නිසා හැමතැනම මේ උපකරණය නැහැ.

හරි දැන් තෑග්ග. අපි මේ අපිව ෆලොව් කරන ජයාග්‍රාහකයින් 5 දෙනෙක්ට නොමිලෙ අපි මෙන්න මේ රිපෝර්ට් ටික දෙනව ඒ කියන්නෙ ඔයාගෙ සිරුරේ සම්පූර්න ෆිට්නස් වලට අදාල උඩ තියන රෙපෝර්ට් එකක්. මෙක දිනා ගන්න ඔයාල කරන්න ඕනෙ හරිම
සුලු දෙයක් අපේ ෆිට්නස් හබ් පේජ් එකට ලයික් කරල අපේ දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට ජොයි වෙලා ස්ක්‍රීන් ශොට් එකක් ගහල අපිට මැසේජ් කරන්න.

එහෙනම් කොල්ලො අපි ගියා මේ අවුරුද්ද ඇග හැදෙන සප්ලිමන්ට් මිල අඩුවෙන සුපිරිම නව වසරක් වේවා !

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල
දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න


දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක