පිස්සු හැදෙන අවුරුද්දක් නේද ? මේ අවුරුද්දෙ ජිම් පිස්සො සෙට් එකට නම් එච්චර හොද කාලයක් නෙමේ ඇයි ඉතින් සෑහෙන කාලයක් ජිමුත් වහල තිබ්බ . කොහොම උනත් හැමෝටම
පරිස්සම් වෙන්න සහ සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න් කියල මතක් කරන ගමන් අද අපි කතා කරන්න හදන්නෙ ලංකාවෙ 2020 ජනප්‍රියම මාස් ගෙනර් කීපයක් ගැන. හුගක් අය මාස් ගෙනර් බාවිතා
කරන්නෙ මහත් වෙන්න. කෙට්ටු කෙනෙක් ජිම් ගිහිල්ල හරියට කෑම බීම අරගෙන වැඩිපුර කැලරි අවශ්‍යතාව සදහා මාස් ගෙනර් එකක් බාවිතා කරනව. අපි මෙතන්දි බාවිතා කලේ ලංකාවෙ
වැඩියෙන්ම විකිනුන සහ වැඩියෙන්ම අහපු කෝල් කරපු මාස් ගෙනර් ගැන. එහෙනම් යමු පොස්ට් එකට

5.SERIOUS MASS

මම හිතන්නෙ මාස් ගෙනර් කලින් බාවිතා කරපු කෙනෙක් නම් මේක ගැන අනිවාර්යයෙන් දන්නව වෙන්න ඕනෙ මේ කොල පාටයි කලු පාට බෑග් එක චිරාත් කාලයක් පුරා සප්ලිමන්ට් ශොප් වල සහ
ජිම් වල දිලිසි දිලිසි තිබ්බ ප්‍රඩක්ට් එකක් අපි හැමෝම දන්න ON බ්‍රෑන්ඩ් එකෙන් නිශ්පාදනය කරන මේක ඇත්ත්ටම සුපිරියක් විටමින් සහ ඛණිජ ලවන වලින් බහුල කැලරි 1250ක් තියන මේ
පරන මිත්‍රයා ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් සහ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 252කින් සමන්විතයි මීට අමතරව ක්‍රියෙටින් එහෙමත් සුලු වශයෙන් අන්තර්ගත වෙනව

ඇයි මේක ජනප්‍රිය – හැමදේම අන්ත්ර්ගත නිසා සහ අඩු සීනි ප්‍රතිශතය නිසා මීට අමතරව මුලින්ම මාස් ගෙනර් එකක් බවිතා කරන කෙනෙක්ට හුගක් හොද නිසා හැමෝම අතර මේක මාර ජනප්‍රියයි

4.Applied Nutrition – Critical Mass

මේක නම් ටිකක් අලුත් මාස් එකක් 2020 මැද බාගයේදි ලංකාවට හදුන්වාදීපු මේ මාස් එක හුගාක් ජනප්‍රිය වෙන්න හේතු කීපයක් තියනව මම දකින විදියට. මේක ඇමරිකන් සප්ලිමන්ට් එකක් නෙමේ
මේක හිරුනොබසින අධිරාජ්‍යයේ නිශ්පාදනය කරන සුපිරියක් මේ කිලෝ 6ක යෝද පැක් එකේ එක සර්වින්ග් එකකට කැලරි 570ක් වගේ අන්තර්ගත වෙනව ඒවගේම ප්‍රෝටීන් ග්‍රෑම් 42ක් කාබෝහයිඩ්‍රේට්
ග්‍රෑම් 75ක් ක්‍රියෙටින් ග්‍රෑම් 5ක් අන්ත්ර්ගත වෙනව මීට අමතරව විටමින් සහ එන්සයිම වර්ගත් මේකෙ අන්තර්ගත වෙනව

ඇයි මේක ජනප්‍රිය – අඩු සීනි ප්‍රතිශතය( ග්‍රෑම් 2.4), ඉහල කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් ප්‍රතිශ්තය ක්‍රියෙටින් අන්තර්ගතය සහ ඉහල වැඩ කිරීමේ ප්‍රතිශතය

3.DY Nutrition – Game Changer Mass

ඩෝරියන් යේට්ස් ගෙ සප්ලිමන්ට් ගැන මම කලින් පොස්ට් එකකින් පැහැදිලි කලා. හුගක් හොද ඒවගේම අතටත් ලාබ සුපිරි රේන්ජ් එකේ ප්‍රොඩක්ට්ස් සෙට් එකක් තියනව. මෙතනින් අලුත් සාමාජිකයෙක් තමයි
මෙයා. හුගක් හොද ප්‍රඩක්ට් එකක් බාවිතා කරපු අයගෙන අපි එකතු කරගත්ත ප්‍රතිපල වලට අනුව 97% වගේ හොද රේට් එකක් තියන මාස් එකක් මේකෙ ස්පෙක්ස් පොඩ්ඩක් බැලුවොත් එක සර්වින්ග් එකකට
ප්‍රෝටීන් ග්‍රෑම් ප්‍රෝටීන් ග්‍රෑම් 48 කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 96 විටමින් සහ ඛනිජ ලවන , ක්‍රියෙටින් සහ BCAA වගේ හුගක් දේවල් අන්තර්ගත වෙලා තියනව. ගෙවන ගානට සෑහෙන වටින සප්ලිමන්ට් එකක්

ඇයි මේක ජනප්‍රිය – මම හිතන්නෙ මේක හුගක් ජනප්‍රිය වෙන්න හේතු උනේ ගෙවන මිලට උපරිම සාදාරනයක් කරන නිසා සහ හුගක් හොදට වැඩ කරන් නිසා

2.EVOGEN – SUPER HUGE

මේකත් හුගක්ම ජනප්‍රිය උනේ මේ අවුරුද්දෙ Evogen කියන බ්‍රෑන්ඩ් එකට ලංකාවට ඩීලශිප් එක හම්බුන නිසා හුගක්ම මේක ජනප්‍රිය උනේ. හුගක් අය නොදන්නව උනාට මේක ඇමරිකාවෙ හුගක් ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්. කොහොම හරි කිලො 5ක වගේ
පැක් එකක එන මේ සප්ලිමන්ට් එක එක සර්වින් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් කැලරි 1220ක් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 226ක් අන්තර්ගත වෙනව

ඇයි මේක ජනප්‍රිය – හුගක් ම මේක ජනප්‍රිය වෙන්න හේතුව විදියට මම දකින්නෙ මේකෙ ප්‍රීමියම් කොලිටි එක. ඒවගෙම සප්ලිමන්ට් එකට වඩා මේක හදපු කෙනාව අපි ඔක්කොටම වඩා විශ්වාස කරන නිසා වෙන්න ඕනෙ. එකියන්නෙ HANY RAMBOD ඔලිම්පියා
වල හුගක් ක්‍රීඩකයන්ගෙ කෝච් තමයි මෙයා ඉතින් මේක ජනප්‍රිය වෙන්න තවත් හේතු ඕනෙද ?

1.MuscleMeds – CARNIVOR MASS

මේක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මම හිතන විදියට. මොකද කිව්වෙ බහුතරයගෙ ප්‍රියතම තේරිම වෙලා තිබ්බෙ මේක. 100% බීෆ් ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් වුන මේක කිරි වල කිසිම අන්තර්ගත්‍යක් නැහැ ඔයාට මේකෙ තෝරගන්න
පැක් තුනක් තියනව රාත්තල් 6 රාත්තල් 10 සහ 15 වශයෙන් කාර්නිවර් මාස් බෑග් එකේ එක සර්වින් එකකට කැලරි 720ක් ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් කාබෝහයිඩ්‍රේට් 125ක් වගේ අන්ත්ර්ගත වෙනව

ඇයි මේක ජනප්‍රිය – හුගක්ම මේක ජනප්‍රිය උනේ මේක සුපිරියට වැඩ කරන නිසා ඒවගේම ලැක්ටෝස් කොලෙස්ටෙරෝල්සහ සීනි අන්ත්ර්ගතයක් නැති නිසා මේකට හුගක් අය කැමති තව දෙයක් මේකෙ ෆැට් අන්තර්ග්තයත් ඉතාම අවම වීම තව
හේතුවක් විදියට දක්වන්න පුලුවන්

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල
දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න –


දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක