අපි හැමෝම ජිම් යන්නෙ යම්කිසි හේතුවක් මත එක්කො කෙට්ටු වෙන්න එහෙම නැති නම් මහත් වෙන්න එහෙමත් නැති නම් නිරෝගී සෞඛ්‍යයමත් ජීවිතයක් පවත්වාගැනීමට
අද කතා කරන්න යන්නෙ මහත් වෙන්න එහෙම නැතිනම් මසල්ස් බිල්ඩ් කරගන්න ජිම් යන අයට සයිස් වෙන්නෙ නැති වෙන්න හේතු 4ක් ගැන.කොටින්ම කියනව නම් හිතන තරම් ප්‍රතිපල
නොලැබෙන්න හේතු කීපයක් ගැන. හරි එහෙනම් යමු පොස්ට් එකට

1.කොච්චර සෙල්ලම් කලත් රිකවර් වෙන්න අවශ්‍ය දේවල් නොදීම
මෙතන්දි කියන්න හදන්නෙ සාමාන්යෙන් අපි හුගක්ම වද වෙන දෙයක් තමයි ජිම් එකට ගිහින් සෙල්ලම් කිරීම.කොච්චර වෙලාවක් සෙල්ලම් කරනවද මොනවද විදියෙ schedule එකක්ද සෙල්ලම්
කරන්නෙ කියන එක ගැන.හැබැයි හුගක් අය හිතන්නෙ නැහැ රිකවරි ගැන.මසල් බිල්ඩ් කරනව කියන්නෙ ඔයා සෙල්ලම් කරද්දි ඔයාගෙ මාංශ පේශී සියුම් ඉරීම් වලට ලක්වෙන එක ඊට පස්සෙ ඒව රිකවර් වෙන එක
හැබැයි අපි සෙල්ලම් කරන එක ගැන හිතුවට රිකවර් වෙන එක ගැන හිතන්නෙ නැහැ. මේක පැහැදිලි කරන්න පුලුවන් කොටස් තුනකට කඩල.

*පෝශනය
මේක තමයි හුගක්ම වැදගත් දේ.අපිට රිකවර් වෙන්න වැදගත්ම දේ තමයි පෝශනය.එවගේම අපි හරියට කරන්නෙ නැතිම දේ.මොකද කිව්වොත් අපි හරි කම්මැලී ජිම් එකට ගිහින් ඇවිත් පාන් කාල
දොයියගත්ත කියලවත් තියන හොදම සප්ලිමන්ට් එක ගත්ත කියලවත් පෝශනය සම්පූර්න වෙන්නෙ නැහැ.ඒකට හොද ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන්න ඔනෙ.අපේ අය මේක මගාරින තවත් එක හේතුවක්
තමයි කට්ටිය හිතනව හොද ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන්න සල්ලි යනව කියල.එහෙම නැහැ සාමාන්‍ය මුදලකට හොද ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන්න පුලුවන්

*mobility හෙවත් සන්චලතාව
මේක අපේ අයට ටිකක් අලුත් දෙයක්. සංචලතාව කියන්නෙ සරලවම ඔයාගෙ සන්ධි වල චලනය.හුගක් අය හිතන් ඉන්නව මේක නිකන් යෝග වගේ කරන අයට විතරක් තියන දෙයක් කියල.
එහෙම නැහැ අපි බර ඉසිලීම විතරක් කරල අපෙ මොබිලිටි එක ගැන හිතන්නෙ නැති නම් අපි ටක් ගාල ඉන්ජර්ඩ් වෙන්න පුලුවන්

*නින්ද
මේක නම් අපේ පේජ් එකේ සිය දහස් වතාවක් කියල ඇති කට්ටිය මොක කලත් නොකරන එක මේක තමයි නින්ද කියන්නෙ ඔයා මසල් බිල්ඩ් කරන්න හදනව නම් හුගක් වැදගත් සදකයක්.මොකද හුගක්ම රිකවරි වෙන්නෙ
ඔයා නිදාගෙන ඉද්දි.ඒක නිසා රෑ නිදිමරාගෙන ඇහැරගෙන ඉද්දි සයිස් වෙනව කියල හිතනව නම් සොරි ඩොට් කොම් කියල තමා කියන්න තියෙන්නෙ.

2.ලොකු කම අතෑරල සෙල්ලම් කරන්න
මේ මොකද්ද මේ කියන්නෙ. හරිම සරලයි පුලුවන් බරකින් හරියට සෙල්ලම් කරන්න.මෙහෙමයි අපි හුගක් හිතන්නෙ නැති දෙයක් තමයි වර්ක්ලෝඩ් එක ගැන ඒකියන්නෙ සෙල්ලම් කරල ඉවර වුනාම අපි කොච්චර
පරිමාවකින් සෙල්ලම් කලාද කියන එක ගැන. උදාහරනයකින් පැහැදිලි කරගමුකො. එක්කනෙක් ඉන්නව ගහන්න තියෙන්නෙ බෙන්ච් එක රෙප්ස් 10 ගානෙ සෙට් 4ක් (10 x 4) දැන් අනිත් අය ගහනව කෑගහගෙන හරියට ජිම් එන අන්තිම දවස වගේ. ඉතින් මේ මල්ලි මොකද කරන්නෙ කිලෝ 50ක් විතර දාල ගහන්න පටන් ගන්නව අන්තිම සෙට් එක ගහගන්නත් බැහැ.එක්කො සපෝර්ට් එකක් ගන්නව නැති නම් ගන්නව නැති නම්
නවත්තනව.මල්ලිටත් පට්ට සැටිස්. ඇයි ඉතින් දුන්නනෙ ඇටි හැලෙන්න.
මෙතන ඔයාල දකින්නෙ නැති දේ තමයි ඔය මලය ගැහුවෙ කිලො 25න් දහයෙ සෙට් 3යි අන්තිම එක ගහන්න බැහැ එතකොට එයාගෙ වර්ක්ලෝඩ් එක 25 x 30 = කිලෝ 750 යි
හැබැයි මෙයා කිලෝ 5ක් අඩු කරල හරියට සෙට් 4ම ගැහුව නම් මෙයාගෙ වර්ක්ලොඩ් එක 20 x 40 = කිලෝ 800 යි
දැක්ක්ම තේරෙනවනෙ වර්ක්ලෝඩ් එක වැඩි හරියට පුලුවන් බරෙන් සෙල්ලම් කරපු එකේ කියල මේක ටික ටික වැඩි කරගන්න එතකොට නිකන්ම ලොකු බර සෙල්ලම් කරන්න පුලුවන්.

3.squat, deadlift ගහපල්ල යකුනේ.
මේක ඉතින් මෙහෙම තමයි කියන්න වෙන්නෙ මොකද අහන්නෙන් නැහැ නෙ. අපි හැමෝම කැමති බෙන්ච් ප්‍රෙස් එකට කර්ල් එකට කවුරුත් කැමති නැහැ ස්කොට් ගහන්න. සමහර අය දන්නෙවත් නැහැ ඩෙඩ් ලිෆ්ට් කියන්නෙ මොකද්ද
කියල. මේවට කියන්නෙ කම්පවුන්ඩ් එක්සසයිස් කියල. මේව අනිවාරෙයෙන් ගහන්න ඔනෙ. මසල් බිල්ඩ් වෙන්න සපෝට් එකක් වගේම හොද බේස් එකක් හදාගන්න පුලුවන්. ස්කොට් වගේ බහුසන්දි ව්‍යායාම කිරීම මගින් ඔයාට ඉක්මනටම මසල්
බිල්ඩ් කරන්න පුලුවන් එකෙ ආයෙ කතා දෙකක් නැහැ.

4.ව්‍යායාම හැම විටම වෙනස් කරන්න
හුගක් අය නොකර දෙයක් තමයි සෙල්ලම් කිරිමෙදි ව්‍යායාම වෙනස් නොකිරීම. එකියන්නෙ මේකයි හැමදාම එකම පරන ව්‍යායාම කරන්නෙ නැතුව අලුත් විදියෙ අලුත් ව්‍යායාම කරන්න. වෙනස් වෙන්න
බය වෙන්න එපා. ඔයාට schedule එක දෙන කෙන හැමපාරම එකම ව්‍යායාම කරව කරකව දෙනව නම් ඔයා එයාට කියන්න මේ පාර පොඩ්ඩක් වෙනස් කරන්න කියල. මොකද අපි හැමෝම වගේ
ඔයාගෙ මසල්සුත් කැමති වෙනසකට ඒක එයාට ටක් ගාල දැනෙනව.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල
දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න –


දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක