සප්ලිමන්ට් ගැහුවම වද වෙනවද ? ආයුබෝං කියල පිලිගන්නව හැමෝම. ටොපික් එක දැක්කම බය උනාද ? ලමයි දන්නවද ජිම් වල ඉන්නව බිල්ලො කියල ජාතියක්. මේ බිල්ලො කරන්නෙ ජිම් වලට එන ලමයි අල්ලගෙන පත බේගල් ඇදබාන එක.

” සප්ලිමන්ට් ගහන්න එපා මල්ලිලා ගැහුවම ලමයි නැති වෙනව.”

ඉතින්අද අපි අපි අන්න ඒ බිල්ලො කියන බොරුව නවත්තන්න යන්නෙ.ඉස්සල්ලම බලමු සප්ලිමන්ට් කියන්නෙ මොනාද කියල.

සප්ලිමන්ට් කියන්නෙ අතිරේක පෝෂණය ලබාගන්න බාවිතා කරන දෙයක්. ඒකියන්නෙ ඔයාගෙ කෑමෙන් ලැබෙන පෝශනය මදි නම් ඔයාලට බාවිතා කරන්න පුලුවන් දෙයක් තමයි සප්ලිමන්ට් කියන්නෙ

සරලවම කියනව නම් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද සහ විටමින් සහ ඛනිජ ලවන වගේ දේවල් දැන් බලමු වද වෙනව කියන්නෙ මොකද්ද කියල

වද වෙනව කියන්නෙ කෙටියෙන් ම කියනව නම් සොබාවිකව දරුවෙක් හැදීමට නොහැකිවීම. මේක වෙන්න හේතු ගොඩක් තියනව . ඒත් සප්ලිමන්ට් බාවිතයෙන් එහෙම වෙනව නම් ඒ කියන්නෙ සප්ලිමන්ට් වලින් සොබාවික ශුක්‍රාණු නිශ්පාදනය අඩපන කරන්න බලපෑම් කරන්න ඕනෙ.

කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද සහ විටමින් සහ ඛනිජ ලවන වගේ දේවල් වලින් ශුක්‍රාණු නිශ්පාදනය අඩපන කරන්න බලපෑම් කරන්න පුලුවන් කියන එක නම් විහිලුවක් වගේ නේ ?

මෙතන්දි සමහර අය ස්ටෙරොයිඩ්ස් සහ සප්ලිමන්ට් පටලවගෙන ඉන්නව.

ස්ටෙරොයිඩ්ස් කියන්නෙ සප්ලිමන්ට් නෙමේ සප්ලිමන්ට් කියන්නෙ ස්ටෙරොයිඩ්ස් නෙමේ.

ස්ටෙරොයිඩ්ස් කියන්නෙ හෝමෝන නිසා ශුක්‍රාණු නිශ්පාදනය අඩපනකරන්න දරුනු බලපෑම් කරන්න පුලුවන්

ඒත් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද සහ විටමින් සහ ඛනිජ ලවන වගේ අන්තර්ගත ස්ප්ලිමන්ට් වලින් එහෙම වීමේ හැකියාවක් නැහැ කියන එකයි අපේ අදහස

ඔයාටත් ෆිට්නස් ගැන බොඩිබිල්ඩින් ගැන සප්ලිමන්ට්ස් ගැන ප්‍රශ්න තියනවද ? හරියට සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද ? එකතු වෙන්න අපේ පේජ් එකත් එක්ක.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක