ආයුබෝවන් කට්ටියටම. අදත් ආව කට්ටියට අලුත්ම පොස්ට් එකක් අරගෙන. හැමදාම අලුත් දේවල් ගේන අපි ඔන්න හුගක් වැදගත් පොස්ට් එකක් ගෙනාව සෙල්ලම් කරන හැමෝටම
හැමදාම ජිම් එකට ගිහින් පිස්සෙක් වගේ සෙල්ලම් කරන්නෙ නැතිව අලුත් විදියට දැනුමත් එක්ක සෙල්ලම් කරමු. එහෙනම් යමුද පොස්ට් එකට

1.රෙප් රේන්ජ් එක වෙනස් කර කර සෙල්ලම් කරන්න.

සමහර අය රෙප්ස් 12ක් ගහනව සමහර අය 8ක් ගහනව තව සමහර අය 15 18 වගෙ ටිකක් ලොකු රෙප්ස් වලට යනව.හුගක් වෙලාවට workout plan එකක් ගත්තොත් අපිට බලන්න පුලුවන්
හුගක් වෙලාවට මුලු ප්ලැන් එකේම තියෙන්නෙ එකම රෙප් රේන්ජ් එක.
ඔයා සෙල්ලම් කරන්නෙ රෙප් 8-12 නම් ඒක මසල් බිල්ඩ් වෙන්න උදව් කරනව.මොකද අඩුවෙන් රෙප්ස් ගහනව කියන්නෙ ඔයා වැඩි බරක් යොදාගෙන සෙල්ලම් කරනව කියන එක ඒකෙන් මාංශපේශි වර්ධනයට උදව්
කරනව.
ඔයා 15-18 වගේ ලොකු රෙප් රේන්ජ් එකක සෙල්ලම් කරනව නම් ඔයාගෙ ශක්තිය සහ දරා ගැනීමේ හැකියාව වැඩි කරනව. මොකද ඔයාගෙ මසල්ස් වැඩි වෙලාවක් ටෙන්ශන් එකේ තියන නිසා
කොහොම උනත් එකම විදියට රෙප් රේන්ජ් එකට සීමා වෙන්න එපා අනිවා පොඩ්ඩක් මික්ස් කරගන්න මොකද සිරුර කැමති වෙනසකට.

2.සෙල්ලම් කරන පරිමාව වැඩි කරන්න

මේක කෙටියෙන් කියනව නම් ඔයා සෙල්ලම් කරන වර්ක් ලෝඩ් එක වැඩි කරන්න කියල තමයි කියන්නෙ.එකියන්නෙ මෙහෙමයි හිතන්න ඔයා කිලො 10ක් දාල රෙප්ස් 10 සෙට් 3ක්
සෙල්ලම් කරනව කියල හැබැයි අනිතිම සෙට් එකේ ඔයා ගහන්නෙ රෙප්ස් 8යි එතකොට ඔයාගෙ වර්ක්ලෝඩ් එක වෙන්නෙ කිලො 280යි
ඒක වෙන්නෙ මෙහෙමයි
සෙට්ස් 2 x 10 රෙප්ස් = රෙප්ස් 20 යි
සෙට් 1 x 8 රෙප්ස් = රෙප්ස් 8යි
සම්පුර්ණ රෙප්ස් එකතුව = 28යි
වරකට බාවිතා කරපු බර = කිලො 10යි
සම්පුර්ණ වර්ක්ලෝඩ් එක = රෙප්ස් x කිලෝ ගාන
“” = කිලො 280
හැබැයි ඔයා ඔයාගෙ සම්පුර්න ශක්තිය යොදා ගත්තනම් ඔයාට අන්තිම රෙප්ස් දෙකත් ගහගන්න පුලුවන් වෙන්න ඔනෙ. එකියන්නෙ වර්ක් ලෝඩ් එක කිලෝ 300ක් වෙන්න ඔනෙ
ඒක නිසා මේක වර්ධනය කර ගැනීමත් ඉස්සරහට ඔයාට වැදගත් වෙනව.

3.හෙමින් හෙමින් සෙල්ලම් කරන්න.

දැකල තියනවද සමහර අය සෙල්ලම් කරනව වයිෆ්ට බබා හම්බෙන්න ලන් වෙලා හොස්පිටල් යන්න වගේ සෙල්ලම් කරනව.මම දැකල තියනව සමහරු බෙන්ච් එක සෙල්ලම් කරනව හිතගන්න බැහැ
වෙයිට් එක මේ මනුස්සය පහලට ගෙනවද එහෙම නැතින් නම් අත ලිස්සල පහලට එනවද කියල ඒතරම් ඉක්මනට ඒක එනව.ඔයා මසල්ස් වර්දනය කරන්න ඒක කරනව නම්
මම ඒක එච්චර අනුමත කරන්නෙ නැහැ මොකද වෙයිට් එක පහලට ගනිද්දි ටිකක් හෙමින් ගන්න ඔනේ මොකද එතකොට මාංශ පේශි ආතතියකට ලක් වෙලා හයිපට්‍රොපි තත්වය ඇති වෙනව
ඒක වර්දනයට උපකාරි වෙනව. හැබැයි මේකට පැයක් ගන්න එපා තත්පර 3-4ක් ඇති.

4.එකම ව්‍යායාම කරන්න එපා වෙනස් කරන්න

මම දැකල තියනව සමහර අය අවුරුදු ගනන් එකම එක්සසයිස් එක කරනව.එහෙම කරන්න එපා මොකද හුගක් කාලයක් එකම ව්‍යායාමය මසල් එකට ලැබෙනකොට ඒක
හුරු වෙනව. බයිසෙප් එකට තියෙන්නෙ කර්ල් එක විතරක් නෙමෙ තව ඕන තරම් තියනව ඒක නිසා අනිත් මසල්ස් වලටත් එහෙම තමයි ඒක නිසා එක තැන පල් වෙන්න එපා
වෙනස් වෙන්න බය වෙන්නත් එපා

5.ව්‍යායාම අනුපිලිවෙල වෙනස් කරන්න

මේකෙ තෙරුම තමයි හැමදාම එකම විදියට පටන් අරන් ඉවර කරන්න එපා.සමහර අය ඉන්නව හැමදාම එකම ව්‍යායාම ටික එකම අනුපිලිවෙලට කරනව.අපි ටික කාලයක් යනකොට
හැඩ ගැහෙනව ඕන දෙකට.ඒක නිසා ව්‍යායාම විතරක් නෙමේ ව්‍යායාම කරන අනුපිලිවලත් ටිකක් වෙනස් කරන්න.කියනවට කරල බලන්න ලොකු වෙනසක් තෙරෙයි.

6.සුපර් සෙට් සෙල්ලම් කරන්න

හුගක් අය මේක දන්නෙවත් නැහැ සුපර්සෙට් කියන්නෙ හුගක් ඉක්මනට හොද ප්‍රතිපල ගන්න පුලුවන් ව්‍යායාම විදියක්. මසල් හයිපට්‍රොපි වලට හොදම ව්‍යායම කරමයක් විදිඅයට
සුපර්සෙට් නම් කරන්න පුලුවන්

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල
දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න –


දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක