කොහොමද කට්ටියටම ඔන්න අදත් අපි ආව අලුත් පොස්ට් එකක් අරගෙන හුගක් අයට වැදගත් වෙන විදියෙ.අපි හැමොම කැමති මසල් ගෘප් එකක් තමයි බයිසෙප්ස් කියන්නෙ ඔකට සමහර අය ආර්ම්ස් කියලත් කියනව ආර්ම්ස් කිව්වම ට්‍රයිසෙප් මසල් එකත් එකතු වෙන නිසා අපි අද කතා කරන්නෙ බයිසෙප් මසල් එක ගැන විතරයි.
හුගක් අයගෙ ප්‍රියතම මස්ල් එකක් තමයි ඉතින් ඔය කියන බයිසෙප් මසල් එක.බර දාල වැඩ දාල සෙල්ලම් කරාට සමහර කරන වැරදි නිසා ලොකු ප්‍රතිපලයක් නොලැබෙන්න පුලුවන්.
ඉතින් අපි මේ කතා කරන්න හදන්නෙ අන්න ඒ විදියෙ වැරදි 5ගැන තමයි අද අපි කතා කරන්න හදන්නෙ

1.බයිසෙප් මසල් වලින් නැතුව වෙන මසල් වලින් බයිසෙප් වලට සෙල්ලම් කිරීම


මේක නම් මම කලිනුත් කියල තියනව බයිසෙප් මසල් එකට සෙල්ලම් කරන්න ඔනෙ බයිසෙප් මසල් එකෙන් නැතුව වෙන මස්ල් වලින් නෙමේ.
එක විදියක් තමයි කට්ටිය වැලමිට ඉස්සරහට ගන්න එක කර්ල් එක ගහනකොට මෙතන්දි ඔයාගෙ සම්පුර්න බයිසෙප් මසල් එක යොදාගැනෙන්නෙ නැහැ.මෙවිදියට කර්ල් එක ගහද්දි ඔයාගෙ ශොල්ඩර් මසල් එකත් උපකාරි වෙනව ඒක නිසා බයිසෙප් මසල් එක හරියට යොදාගැනෙන්නෙ නැහැ
අනිත් එක තමයි සමහර අය කර්ල් එක ගහද්දි ට්‍රැප් මසල් එක ඉස්සෙනව ඒක වැරදි එතන්දි ට්‍රැප් මසල් එක උපයෝගී වෙන නිසා බයිසෙප් මසල් එක හරියට උපයෝගී වෙන්නෙ නැහැ.
අනිත් විදිය තමයි ඔයාල දැකල තියනවද සමහර අය කර්ල් එක ගහද්දි අතේ මැනික් කටුව ලගින් උඩට නැමෙනව.
එහෙම උනාම ෆොර් ආර්ම් මසල් එක උපයෝගී වෙන නිසා බයිසෙප් මස්ල් එකට හරියට ක්‍රීඩා වෙන්නෙ නැහැ.
ඒක නිසා හරිවිදියට සෙල්ලන් කරන එක අනිවර්‍යයි. මොකද අනිවාර්‍යෙන් බයිසෙප් මසල් එකට හරියට නිවැරදි ක්‍රමයට සෙල්ලම් කරන්න.

2.හරි විදියට සෙල්ලම් නොකිරීම


මේකත් හුගක් අය හරියට කරන්නෙ නැති දෙයක් ඔයාල දැකල තියනවද සමහර අය කර්ල් එක ගහද්දි බාගෙට සෙල්ලම් කරනව.ඒ කියන්නෙ කර්ල් එක සම්පුර්නයෙන් පහලට දාන්නෙ නැතුව බාගෙට නවත්තල ආයෙ උස්සනව.මේකෙ හොදකුත් තියනව සමහර මසල් කොටස් වලට ව්‍යායාම කිරීමට මේ ක්‍රමය යොදාගන්න පුලුවන් නමුත් මේක නිතරම කිරීම හරියට මසල් එකට සෙල්ලම් කිරීමේදී හොද දෙයක් කියල කියන්න බැහැ.ඒක නිසා පොඩ්ඩක් සැලකීමෙන් හරියට සෙල්ලම් කරන්න.

3.සෙල්ලම් කරන්නම් වාලෙ සෙල්ලම් කරන්නෙ නැතුව අවබෝදයෙන් යුතුව සෙල්ලම් කිරීම


හුගක් අය සෙල්ලම් කර්ල් එක ගහද්දි නිකන් ඔහේ සෙල්ලම් කරනව එ පිලිබදව මනසින් අවබෝදයෙන් සෙල්ලම් කරන්නෙ නැහැ.උදා හරනයක් විදිය සමහර අය හුස්ම ඉහලට පහලට යන එක ගැනවත්
අවබෝදයෙන් නෙමේ ඉන්නෙ.ඒක නිසා කර්ල් එක ගහද්දි එක ගැන හරි අවබෝදයෙන් යුතුව සෙල්ලම් කරන්න.එවිට ඔයාලට පැහැදිලි වෙනසක් බලාගන්න පුලුවන් වෙයි.

4.බයිසෙප් මසල් එකේ කොටස් වලට හරියට සෙල්ලම් නොකිරීම


ඔයාලට මතක ඇති බයිසෙප් මසල් එකේ කොටස් ගැන මම පැහැදිලි කරපු පොස්ට් එකේ කිව්ව බයිසෙප් මසල් එකේ ශොර්ට් හෙඩ් සහ ලෝන් හෙඩ් කියල.අපි වැලමිට ඉස්සරහට දාල බයිසෙප් වලට සෙල්ලම් කරද්දි ශෝට් හෙඩ් එකට තමයි වදින්නෙ.ප්‍රීච කර්ල් එක චින් අප්ස් ස්පයිඩර් කර්ල් එක මේ ගනයට වැටෙනව.
වැලමිට පසුපසට දාල සෙල්ලම් කරද්දි ලෝන් හෙඩ් එකට තමයි වදින්නෙ ඉන්ක්ලයින් කර්ල් එක ඩ්‍රැග් කර්ල් එක මේ ගනයට තමයි වැටෙන්නෙ.

5.සෙල්ලම් කරන පරිමාව පිලිබද අවබෝදයෙන් යුතුව සෙල්ලම් කිරීම

මේක ටිකක් පැහැදිලි කලොත් අපි බැක් එකට සෙල්ලම් කලොත් අපේ බයිසෙප් මසල් එක හොදටම ක්‍රියාකාරි වෙනව.ිසෙප් මසල් එක හොදටම ක්‍රියාකාරි වෙනව.
එතකොට ඊට පහුවෙනිදම අපි බයිසෙප් මසල් මසල් එකටත් සෙල්ලම් කලොත් අපේ බයිසෙප් මසල් එකට සෙල්ලම් කරන වොලියුම් එක වැඩි වෙනව.දැකල ඇතිනෙ මිනි මරාගෙන සෙල්ල්ම් කරනව හැබැයි මසල් ග්‍රොත් එක අඩු කට්ටිය ඒක නිසා වොලියුම් එක ගැනත් අවදානය යොමු කරන්න

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල
දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න


දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක