ආයුබොවන්….කොහොමද කස්ටිය මෙ නිවාඩු ඉරිද දවසෙ අලුත් දෙයක් ඉගෙන ගන්න ඔයාල හැමෝම සුදානම් ඇති කියල හිතව….හුගක් අය අපෙන් අහපු ප්‍රශ්නයක් තමා…මොකද්ද මේ වේ ප්‍රෝටින් අතර වෙනස කියන එක…මෙක ඇත්ත්ටම හුගක් හොද ප්‍රශ්නයක්….එහෙන්ම් අපි බලමුද මෙ කියන ජාති දෙකේ වෙනස මොකද්ද කියල

සරලවම පැහැදිලි කරනව නම් මාර්ස් ගෙනර් එකක කැලරි ප්‍රමානය වේ ප්‍ර්‍රෝටින් එකක කැලරි ප්‍රමානයට වඩා වැඩී…තව ටිකක් බලමු මොකද්ද මෙ කියන්නෙ කියල…..අපි බලමු ඉස්සල්ලම මොකද්ද මෙ මාර්ස් ගෙනර් එකක් කියන්නෙ කියල….සමාන්‍යෙන් අධික ලෙස කෙට්ටු (එක්ටොමොර්ප්) වගෙ සිරුරක් තියන කෙනෙක්ට ටිකක් අමාරුයි සිරුරෙ මාංශ පේශි වර්ධනය කරගන්න…ඉතින් මේකට කරන්න තියන සරලම දේ තමයි අධික ලෙස කැලරි බහුල ආහාර ලබා ගැනීම.ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් සහිත අධික කැලරි ප්‍රමානයක් සහිත අහාර ලබාගැනීම මගින් මෙයාලට හුගක් හොද ප්‍රතිපල ලබාගන්න පුලුවන්….එහෙම කෙනෙක්ට මාර්ස් ගෙනර් එකක් අතිරේකව බාවිතා කරන්න පුලුවන්..මොකද අපිට ලොකු අහාර ප්‍රමානයක් ගන්න එක අපහසු වෙන්න පුලුවන් අපෙ තියන දෛනික වැඩ කටයුතු එක්ක…සමාන්‍යෙන් මාර්ස් ගෙනර් එකක් ගත්තම අනිවාර්යයෙන් ෆැට් එක ඇගට වැටෙනව…එක නිසා සමාන්‍ය ඇනබොලික් හාර්ඩ් මාර්ස් වගේ සප්ලිමන්ට් බාවිතයෙදී බඩ ඉදිරියට නෙරා ඒම සහ මූනවල් මහත් වීම සාමාන්‍ය දෙවල්…මාර්ස් ගෙනර් වල ක්‍රියාවලියත් වේ ප්‍රෝටීන් වලට වඩා ටිකක් ඉක්මන් මොකද හේතුව ඔයාල හැමෝම දන්නව මාර්ස් ගෙනර් වල කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතයි කියල…මේ කාබෝහයිඩ්‍රේට් මාංශ පේශි වල තැම්පත් වීම නිසා තමයි ඉක්ම්නට සයිස් වෙන්නෙ…මීට අමතරව මාර්ස් ගෙනර් වල ප්‍රෝටීනුත් මසල් සයිස් කරන්න උදව් කරනව…එක නිසා මාසයක් වගේ කාලයක් ඇතුලත් ඉක්මන් ප්‍රතිපල බලාගන්න පුලුවන් ..

දැන් අපි බලමු වේ ප්‍රෝටීන් ගත්තම මොකද වෙන්නෙ කියන එක…වේ ප්‍රොටින් වල කැලරි ප්‍රමානය මාර්ස් ගෙනර් වල කැලරි ප්‍රමානයට සපේක්ශව හුගක් අඩුයි..මෙනිසා හුගාක් කෙට්ටු එක්ටොමොර්ප් වගේ සිරුරක් තියන කෙනෙක්ට මේක ගැල පෙන්නෙ නැහැ ..මෙතන්දි මම අදහස් කරන්නෙ වැඩ කරන්නෙ නැහැ කියන එක නෙමෙ ඒක ගැලපෙන්නෙ නැහැ කියන එකයි …මොකද එක්ටොමොර්ප් වගේ ඇගක් තියන කෙනෙක් වේ ප්‍රොටින් ගත්ත කියල හිතන්නකො එයාට ලොකු කාලයක් වගේම ලොකු මුදලක් වැයවෙනව…මේ නිසා හුගාක් කෙට්ටු කෙනෙක් මාර්ස් ගෙනර් එකක්ට යන එක තමයි හොදම දේ…. මෙහෙම දේකුත් තියනව කෙට්ටු කෙනෙක් ට ඕනෙ මසල් බිල්ඩ් කරන්න විතරක් නම් ෆැට් වැටෙන්නෙ නැතුව ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගත්තට කමක් නැහැ
හැබැයි සමහර Professional කායවර්ධන ක්‍රීඩකයින් මාර්ස් ගෙනර්ස් බාවිතා කරනව එයාලගෙ බර සහ මාංශ පේශි ඉක්මනට වර්ධනය කරගන්න..එක එයාලට ගැටලුවක් නැහැ මොකද එයාල සමහර වෙලාවට උදේ හවස පවා සෙල්ලම් කරනව..අනිවාර්යයෙන් මේද දහනය සදහා කාඩියෝ කරනව..එක නිසා මේදය තැම්පත් වීම හුගක් අඩුයි…සාමාන්‍ය ඇගක් හෝ ටිකක් මහත කෙනෙක්ට ෆැට් වැටෙන්නෙ නැතුව මාංශ පේශී වර්ධනය කරගන්න ඔනේ නම් වේ ප්‍රෝටීන් එකකට යන එක තමයි හොදම දේ..

ඔන්න එහෙනම් දෙකේ වෙනස සරලව පැහැදිලි කලා…මාර්ස් ගෙනර් වලින් එන ඇග පස්සෙ බහිනවද කියන එක ගැන අපි ඊලග පොස්ට් එකෙන් කතා කරමූ…එහෙන්ම් අපි ගියා…පොස්ට් එක හොද නම් අනිවාර්‍යෙන් ලයික් එකක් දාල ශෙයාර් කරන්න..

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක