මම හිතන්නෙ හුගක් අය අපේ කලින් පොස්ට් එක කියවන්න ඇති. ඒකදි අපි කතා කලේ ලංකාවෙ හුගක් ජනප්‍රිය වේ ප්‍රෝටීන් ගැන අද අපි කතා කරන්න හිතුවෙ ලංකාවෙ තියන හුගක් අය දන්නෙ
නැති සුපිරිම වේ ප්‍රෝටීන් කීපයක් ගැන. සමහර අය නම් දන්නෙ නැතුව ඇති නමුත් සමහර අය නම් අනිවා මේව දන්නව ඇති. ඇත්තටම මේව සුප්ප බඩු හැබැයි හැම තැනම නෑ ඒවගේම කට්ටිය
විකුනන්න වැඩි කැමත්තකුත් නෑ මොකද කට් එක අඩු නිසා. හරි ඒවයින් අපිට වැඩක් නෑ අපි බලමු එහෙනම් මොනාද මේ සප්ලිමන්ට් සෙට් එක කියල

5.Combat 100% Isolate

නෑ නෑ මේ කලින් කතා කරපු එක නෙමේ මේක වෙනස් එකක්. කම්බැට් ලගෙ හැම ප්‍රෝටීන් එකම එක වගේ නිසා පටලගන්න එපා මේක 100% වේ අයිසොලේට් එකක් එකියන්නෙ තියන
හොද ප්‍රෝටීන් කැටගරියෙ එකක්. එක සර්වින්ග් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 24 ක් තියනව ඒවගේම සර්වින් 84ක් තියනව . මේකෙ සීනි හෝ ෆැට් අන්තර්ගත වෙන්නෙ නැහැ ප්‍රෝටීන් ප්‍රතිශතය
91% ක් වගේ තියනව. දැක්කනෙ සුපිරියක් අපි බොරු කියන්නෙ නැහැ.

4.Shadowhey ISOLATE

6 පාරක් ඔලිම්පියා දිනපු ඩෝරියන් යේට්ස් දන්නවද ? මම හිතන්නෙ ෆිට්නස් පිස්සෙක් නම් අනිවා දැනගන්න ඕනෙ. ඩෝරියන් යේට්ස් නිර්මාණය කරපු DY nutrition වලින් එලියට එන
ශැඩොව් වේ අයිසොලේට් එක ගැන තමයි මේ කතා කරන්න හදන්නෙ. මේකත් 100% වේ අයිසොලේට් එකක්. සර්වින්ස් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 26ක් තියනව ඒවගේ සෙර්වින් 66ක් තියනව
ප්‍රෝටීන් ප්‍රතිශතය 85% ක් වගේ වෙනව. මේකෙ සීන් නම් අන්තර්ගත වෙන්නෙ නැහැ නමුත් කාබෝ හයිඩ්‍රේට් සහ ෆැට් නම් සුලු වශයෙන් අන්ත්ර්ගත වෙනව

3.Shadowhey Hydrolyzed

මේකත් DY nutrition වලින් එලියට එන සුපිරිම ප්‍රඩක්ට් එකක් . ප්‍රෝටීන් වලට ආවම ඔයාල දන්නව හොදම වේ ප්‍රෝටීන් කැටගරි එක හයිඩ්‍රොලයිස්ඩ් කියල. මේක 100% හයිඩ්‍රොලයිස්ඩ් වේ
එකක් ඒ විතරක් නෙමේ 92% ක වගේ ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියනව. මේකෙ එක සර්වින්ග් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 23ක් තියනව ඒවගෙම්ම සර්වින්ග් 90ක් වගේ තියනව. මේක සුපිරි වෙන්න තව
එක හේතුවක් තමයි මිල. සාමාන්‍ය අයිසොලේට් එකක් ගන්න ගානට මේක ගන්න පුලුවන්. ඉවර නෑ තව තියනව මේකෙ ෆැට් සහ සීන් අන්තර්ගත නැහැ. පිස්සු නෙහ් ? සුපිරියක් ට්‍රයි කරල බලන්න

2.Evogen Isoject

මේකත් හුගක් හොද ප්‍රෝටීන් එකක් කියල රේටින්ග්ස් වල උඩින්ම තියන එකක්. මේක හදල තියෙන්නෙ hany rambod කියන්නෙ ඔලිම්පියා වලට කට්ටිය ට්‍රේනින් කරන කෝච් කෙනෙක්
පිල් හීත් ව ට්‍රේන් කලේත් මෙයා පිල් හීත් විතරක් නෙමේ සෑහෙන්න ඔලිම්පියා ගහපු අයියලව මෙයා ට්‍රේන් කරල තියනව. ප්‍රෝටින් කොලිටි එක අතින් හුගක් උඩින් තිය සප්ලිමන්ට් එකක් තමයි මේක
මේකෙ හැබැයි දන්න තරමට තියෙන්නෙ රාත්තල් 2ක වගේ පැක් එකක් විතරයි සර්වින්ග් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 25ක් සහ සර්වින් 26ක් තියනව ප්‍රෝටීන් ප්‍රතිශතය 78% වගේ වෙනව ඒවගේම ෆැට්
සහ කාබ්ස් ඉතාම සුලුවශයෙන් අන්තර්ගත වෙනව.

1.ISO – XP

මේක නම් ලගදි ලංකාවට බැහපු සප්ලිමන්ට් එකක් සුපිරිම භාණ්ඩයක්. ලමයි මෙන්න මේකෙ ප්‍රෝටීන් ප්‍රතිශතය 96% ක් වෙනව. පිස්සු නේ ? ඒවිතරක් නෙමේ මේක අයිසොලේට් ප්‍රෝටීන් එකක්
ඒවගේම මේකෙ සීනි ෆැට් කාබ්ස් කිසිම දෙයක් නෑ. මේකෙ දන්න තරමට එන්නෙ කිලෝ 2ක පැක් එකක් සර්වින්ග්ස් 80ක් තියනව එක සර්වින්ග් එකක ප්‍රෝටින් ග්‍රැම් 24ක් තියනව.පුලුවන් නම්
ට්‍රයි කරල බලන්න. ගෙවන ගානට 200% වටිනකමක් තියන එකක් මෙක නම්

එහෙනම් ලමයි අපි ගියාවෙ අමතක නොකර අනිත් ෆිට්නස් පිස්සොන්ටත් බලන්න පොස්ට් එක ශෙයර් කරන්න.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක