වේ ප්‍රෝටීන් එහෙම නැතිනම් ප්‍රෝටීන් පව්ඩ්ර් වලට ආවම ලංකාවෙ වැඩියෙන්ම ජනප්‍රිය වේ ප්‍රෝටීන් ගැන කතා කරන්න තමා අද අපි මේ සූදානම් වෙන්නෙ ඉතින් ඔයාල මේ ඇවිල්ල ඉන්නෙ ලංකාවෙ
අංක එකේ සිංහල වෙබ් සයිට් එකට ඔයාට අවශ්‍ය හැමදෙයක් ගැනම මේ වෙබ් සයිට් එකෙන් ඉගෙන ගන්න පුලුවන්. ඉතින් මතක ඇතුව බුක් මාක් කරල තියාගන්න. ඉතින් ලමයි
එහෙනම් යමුද පෝස්ට් එකට ?

5.NITRO TECH


මම හිතන්නෙ මේක හැමෝම දන්න වේ ප්‍රෝටීන් එකක් චිරාත් කාලයක් මුලුල්ලෙ ලංකාවෙ ජිම් පිස්සන්ගෙ වේ ප්‍රෝටීන් පිපාසය සංසිද්වපු ප්‍රෝටීන් එකක්. මේක ටිකක් වෙනස් ඇත්ත්ටම
හේතුව හොද ක්‍රියෙටින් කම්ප්ලෙක්ස් එකක් එක්ක ඇමයිනෝස් වගේම එක සර්වින් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් මේකෙ ඇතුලත්ව තියනව. ඒවගේම මේකෙ සර්වින්ස් 40ක් තියනව. මේක වේ
ප්‍රෝටීන් අයිසොලේට් බේස් වේ එකක්. සුපිරියක්. ට්‍රයි කරල නැත්නම් අනිවා ට්‍රයි කරල බලන්න

4.Combat 100% Whey


මේකත් සෑහෙන ජනප්‍රිය ප්‍රෝටීන් එකක් ලංකාවෙ කස්ටිය අතර. වැඩිය කියන්න දෙයක් නම් නැහැනොර්මල් වේ ප්‍රෝටීන් එකක් වේ ප්‍රෝටීන් කන්සන්ට්‍රේට් බේස් වුන වේ ප්‍රෝටීන් එකක්
සර්වින්ග්ස් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 25ක් තියනව ඒවගේම සර්වින්ග්ස් 73ක් තියනව.කොහොම මේකත් ටිකක් කල් ඉදන් මාර්කට් එකේ තියන ප්‍රෝටීන් එකක්. අවුලක් නැති ප්‍රෝටීන් එකක්

3.Syntha 6


මම හිතන්නෙ ලංකාවෙ තියන රසම ප්‍රෝටීන් එක මේක වෙන්න ඕනෙ. සින්ත 6 විතරක් බාවිතා කරන්න පුරුදු උන අය ඉන්නව. එයාල කොටින්ම මේක බාවිතා කරන්නෙ රස නිසාම විතරයි
මේකෙ එක සර්වින්ග් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 22 කුත් සර්වින්ස් 48කුත් තියනව මේක මූලිකව වේ ප්‍රෝටීන් කන්සන්ට්‍රේට් බේස් ප්‍රෝටීන් එකක්. ඒවගේම මේකෙ කේසීන් ප්‍රෝටීන් අන්තර්ගත
වෙලා තියනව

2.ISO 100


ලංකාවෙ ජනප්‍රියම අයිසොලේට් ප්‍රෝටීන් එක මොකද්ද කියල ඇහුවොත් හැමෝම වගේ කියන්නෙ iso 100 කියල ඒතරමටම මේක ජනප්‍රියයි මේක අයිසොලේට් සහ හයිඩ්‍රොලයිස්ඩ්
වේ ප්‍රෝටීන් එකක් නිසා මිලෙන් ටිකක් අදිකයි. එක සර්වින් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 25ක් වගේ අන්තර්ගත වෙනව ඒවගේම සර්වින්ග්ස් 71ක් වගේ අන්තර්ගත වෙනව. ලංකාවෙ හුගක් අයගෙ
හොද ප්‍රතිචාර තියන වේ එකක් ට්‍රයි කරල නැත්තන් ට්‍රයි කරල බලන්න සුපිරියක්

1.Gold Standard Whey


මම හිතන්නෙ මේක නම් දන්නෙ නැති කෙනෙක් ඉන්න විදියක් නැහැ. හුගක් අයගෙ පලවෙනි සප්ලිමන්ට් එක මේක. කොටින්ම මේ පොස්ට් එක ලියන මගෙත් පලවෙනි සප්ලිමන්ට් එක මේක
සෑහෙන කාලෙක ඉදන් මාර්කට් එකෙ ඉදන් තියන තියන මම හිතන්නෙ ලංකාවෙ විතරක් නෙමේ මුලු ලෝකෙම ජනප්‍රිය වේ ප්‍රෝටින් එක මේක වෙන්න ඇති. කොහොම හරි මේකත් වේ ප්‍රෝටීන්
අයිසොලේට් බේස් වේ එකක් එක සර්වින්ග් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 24ක් තියනව ඒවගේම සර්වින්ග් 73ක් වගේ තියනව.

ඉතින් මේ පහ තමයි ලංකාවෙ දැනට ජනප්‍රිය වේ ප්‍රෝටීන් 5 විදියට අපි දකින්නෙ ඔයා මොකද හිතන්නෙ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල
දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න


දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක