ඔන්න අදත් අපි ආව පිස්සු හැදෙන මාතෘකාවක් අරගෙන හුගක් අය අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි. ඔයා ෆිට්නස් වලට කැමති කෙනෙක් නම් ඔයා අනිවා දැකල ඇති අහල ඇති හොදම ප්‍රෝටීන් එක මොකද්ද කියල කට්ටිය අහනව.

ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ ලෝකෙ තියන හොදම ප්‍රෝටීන් එක ගැන. මොකද්ද මේ ලෝකෙ තියන හොදම ප්‍රෝටීන් එක ?

සප්ලිමන්ට් එකක් කියලද හිතුවෙ නැහැ සහෝදර වරුනි කෑමක් හැමවෙලේම ඔයාල මතක තියාගන්න ඕන දේ තමයි කෑම තමයි අංක එක කියන එක හොදයි අපි බලමු එහෙනම් මේ දිව්‍ය බෝජනය මොකද්ද කියල.

ඒක තමයි බිත්තර.ඔව් වැරදියට දැක්ක නෙමේ බිත්තර. බිත්තර සුදුමද නෙමේ සම්පූර්ණ බිත්තර.

දැන් මොකද්ද මේකට හේතුව කියල බලමු. සාමාන්යෙන් අපි යම්කිසි ප්‍රෝටීන් එකක් ගත්තම ඒක ජීර්නය වෙලා නැවත අපේ සිරුරේ පටක බවට පත් වෙනව.

අපි ඒකයි ජිම් පිස්සො විදියට වැඩි පුර ප්‍රෝටීන් පස්සෙ එලවන්නෙ. ඕකට තමයි සින්හලෙන් anabolic effect එක කියල කියන්නෙ.වැඩිම ඇනබොලික් ඉෆෙක්ට් එකක් තියෙන්නෙ මව්කිරි වල.

දෙවෙනියට වැඩිම ඇනබොලික් ඉෆෙක්ට් එකක් තියෙන්නෙ බිත්තර වල. ඔව් ප්‍රමාණවත්ව කීවොත් සීයට 48ක් .(48%)ඒකියන්නෙ ජීර්ණය වෙන බිත්තර ප්‍රෝටීන් වලින් 48% ක් නැවත සිරුරේ පටක නිර්මාණයට දායක වෙනව.

සුපිරි නෙ?

දැන් මොකද්ද අර සුදු මද කතාව ?

මෙන්න මේකයි සීන් එක සම්පූර්ණ බිත්තර වල ඇනබොලික් ඉෆෙක්ට් එක 48% ක් උනාට ඔයා බිත්තර සුදු මද විතරක් ගන්නව නම් ඇනබොලික් ඉෆෙක්ට් එක 17%ක් වගේ වෙන්නෙ ?

ඒකට හේතුව බිත්තර කහමදේ අන්තර්ගත කොලෙස්ටෙරෝල් සහ මේද උදව් කරනව ඇනබොලික් ඉෆෙක්ට් එකට. ඒත් බිත්තර සුදුමද වල අර කිව්ව කොලෙස්ටෙරෝල් සහ මේද නැති නිසා තමයි 17% වගේ අඩු අගයක් ගන්නෙ.

ඉතින් ඔයා සෙල්ලම් කරනව නම් දවසකට සම්පූර්ණ බිත්තර 2ක් 3ක් ගන්න ඒක ඇත්තටම හොදයි. දැන් බිත්තර ගන්න කිව්ව කියල බිත්තර කඩාගෙන බොන්න ලෑස්ති වෙන්න එපා . උයල හෝ බැදල කන්න.

හේතුව ඊලග පොස්ට් එකෙන් ගෙන්නම් එහෙනම් අපි ගියා

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක