ෆිට්නස් සහ බොඩිබිල්ඩින් වලට ආවම අමතක කරන්නම බැරි දෙයක් තමයි ප්‍රෝටීන්. අපි පුලුවන් තරම් උත්සහ කරන්නෙ වැඩි පුර ප්‍රෝටීන් කෑම අරගෙන දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්න කරගන්න.

ඉතින් ලමයි අද අපි කතා කරන්න හදන්නෙ කොහොමද කෑම වල තියන ප්‍රෝටීන් ප්‍රමාන කියල මොකද ප්‍රෝටීන් වැඩි වශයෙන් තියන කෑම ටික බලගන්න පුලුවන් නම් ඒක අපිට ලොකු උදව්වක් වෙනව.

මෙතන මෙහෙම දෙයක් වෙනව අනවශ්‍ය විදියට විශාල ප්‍රෝටීන් ප්‍රමාන ගන්න යන්න එපා මොකද එහෙම ගත්ත කියල නරකක් මිසක් හොදක් වෙන්නෙ නැහැ.හොදම දේ තමන්ගෙ දෛනික ප්‍රෝටීන් අවශ්‍ය තාවට ගැලපෙන විදියට ප්‍රෝටීන් ගන්න එක.

එහෙනම් අපි බලමුද කෑම සෙට් එක ?

1.බිත්තර බොඩිබිල්ඩින් වලිදි අමතකම කරන්න බැරි කෑමක් තමයි බිත්තර කියන්නෙ සම්පූර්ණ ලොකු බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් වගේ තියනව

2.චිකන් බ්‍රෙස්ට් මේකත් නිකන් නැතුවම බැරි දෙයක් ප්‍රෝටීන් වලට ආවම උයපු චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 31ක් වගේ තියනව

3.බීෆ් බීෆ් කියන්නෙත් ප්‍රෝටීන් වලට ආවම නැතුවම බැරි දෙයක් බීෆ් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 26ක් වගේ තියනව

4.පෝක් අපි වැඩිය බාවිතා නොකලත් පෝක් කියන්නෙත් හොද ප්‍රෝටීන් ලැබෙන දෙයක් (තෙල් කෑලි නෙමේ හොදේ ) පෝක් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 27ක් වගේ තියනව

5.තිලාපියා මේක නම් අපි දන්නව මෙකත් හුගක් හොද ප්‍රෝටීන් සෝර්ස් එකක් තිලාපිය මාලු ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 26 ක් වගේ තියනව

6.ටින්මාලු මේකත් වැඩිය කට්ටිය බාවිතා කරන්නෙ නැති ප්‍රෝටීන් සෝර්ස් එකක් ටින් මාලු එහෙම නැති නම් සාඩින් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 23 ක් වගේ තියනව

7.වේ ප්‍රෝටීන් සප්ලිමන්ට් මේක ගැන නම් කට්ටිය ඕනවටත් වඩා දන්නව. අපි මේක අන්තිමට දාන්නෙ සප්ලිමන්ට් වලට වඩා කෑම අනිවාර්යයෙන් ගන්න ඕනෙ කියන එක මතක් කරන්න. කොහොම නමුත් වේ ප්‍රෝටීන් ස්කූප් එකකින් ප්‍රෝටීන් ග්‍රෑම් 24 -28 ක් අතර ප්‍රමානයක් ගන්න පුලුවන් එහෙනම් අපි ගියාවෙ හැමෝටම සුබ දවසක්.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න –

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක