කට්ටියට කොහොමද ? අද අපි කතා කරන්න හදන්නෙ තවත් එක අලුත් මාතෘකාවක් ගැන. අලුත්මත් නැහැ. හුගක් අය අපෙන් අහන දෙයක් තමයි සෙල්ලම් කරන්න කලින් කන්න හොද කෑම මොනාද කියල. ඔයාලට මතකද කලින් පොස්ට් එක අර ජිම් එකේ සයිස් එක ගෙදර ගිහින් තියාගන්නෙ කොහොමද කියල පොස්ට් එකක් ? අන්න ඒකට මෙන්න මේකත් අදාලයි.

මොකද ඔයා දන්නව සෙල්ලම් කරන්න වගේම සයිස් වෙන්නත් හොද පෝශන්‍යක් අවශ්‍යයි කියන එක ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ කොහොමද සෙල්ලම් කරන්න කලින් කන්න ඕනෙ කියල..

බලමු එහෙනම් කාබෝහයිඩ්‍රේට් සෙල්ලම් කරන්න කලින් කාබෝහයිඩ්‍රේට් ගන්න එක ගැන විවිද මතබේද තිබුනත් සෙල්ලම් කරන්න කලින් හොද කාබ් සොර්ස් එකක් ගන්න එකෙන් හුගක් හොද ප්‍රතිපල ගන්න පුලුවන් කියල රිසර්ච් වලින් ඔප්පු වෙලා තියනව.

මෙතන්දි ඔයා සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි කොයි වගේ කාබ් එකක්ද ඔයාට ගැලපෙන්නෙ කියල.උදාහරණයක් විදියට කියනව නම් හිතන්න ඔයා සෙල්ලම් කරන්නෙ කෙටි කාලෙකට නම් එකියන්නෙ පැයකින් වගෙ වගේ සෙල්ලම් කරල ඉවරවෙනව නම් ඉක්මනට ජීර්ණ වෙන කාබ් එකක් ගත්ත නම් හරි.

එකියන්නෙ සුදු බත් අල හෝ කෙසෙල් වගේ දේවල් ගන්න පුලුවන්.ඔයා ගොඩක් වෙලා සෙල්ලම් කරනව නම් එකියන්නෙ පැයකට වඩා සෙල්ලම් කරනව නම් ටිකක් හෙමින් ජීර්ණය වන කාබ් එකක් ගන්න පුලුවන් නම් හොදයි ඕට්ස් වගේ ප්‍රෝටීන්ඔන්න සුපිරිම බාන්ඩෙට අවා.මසල්ස් හොදටම හැදෙන්න ඕනෙ නම් දවසකට අපිට අවශ්‍ය ප්‍රෝටීන් ගාන ගන්න ඕනෙ කියල ඔයාල දන්නව.

මෙහෙමයි සෙල්ලම් කරනකොට අපේ මසල් වල ප්‍රෝටීන් කැඩෙනව ඒවගේම හැදෙනව අපි සෙල්ලම් කරන්න කලින් ප්‍රෝටීන් දීල බලාපොරොත්තු වෙන්නෙ කැඩෙන ප්‍රමානය අඩු කරල හැදෙන ප්‍රමානය වැඩි කරන එක. ඒක නිසා සෙල්ලම් කරන්න කලින් හොද ප්‍රෝටීන් තියන කෑම කාල යන එක අනිවාර්යයෙන් කරන්න ඕනෙ එහෙම නැති නම් ඔයා සෙල්ලම් කරන්න පැය දෙක තුනකට කලින් ප්‍රෝටීන් සහිත කෑම වේලක් ගත්තෙ නැති නම් හොදම දේ වේ ප්‍රෝටීන් ස්කූප් එකක් හරි ගන්න එක.

මොකද ඒකෙන් අපිට අර උඩ කිව්ව කැඩෙන එක අඩු කරල හැදෙන එක වැඩි කරගන්න පුලුවන් එහෙනම් අපි ගියාවෙ හැමෝටම සුබ දවසක්.ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක