හායි කස්ටිය. හැමෝම හොදින් ඇති කියල හිතනව. ඉතින් අදත් අපි කතා කරන්න හදන්නෙ හුගාක් කට්ටිය අපෙන් අහන ප්‍රශ්නයක් ගැන.

ජිම් එකේ හොදට සයිස් වෙලා තියනව. ගෙදර ගියාම බහිනව. අය්යේ ජිම් එකේ තියන සයිස් එක දිගටම තියාගන්න විදියක් නැද්ද ?

මම හිතන්නෙ මේ ප්‍රශ්න ඔයාට එක පාරක් වත් ඇවිල්ල නැති වෙන්න බැහැ. මොකද ඉස්සර මටත් එහෙම හිතෙනව.සිරාවට මොකද්ද මේ සීන් එක? ඇයි ජිම් එකේ සයිස් එක දිගටම තියාගන්න බැරි ? බලමු එහෙනම්

සාමාන්‍යයෙන් අපි සෙල්ලම් කරනකොට හිතන්නකො අර්ම්ස් ගහනව කියල. අපි හොදට බර දාල සෙල්ලම් කරනකොට ඒ මසල් එකට රුදිර ගමනාගමනය වැඩි කරනව.ඒකට හේතුව හොදට මසල් එක ඇක්ටිව් නම් එතන්ට හොද රුදිර සැපයුමක් අනිවා තියෙන්න ඕනෙ.

එතකොට තමයි මසල් එකට හොදට පෝශ්‍ය පදාර්ථ ලැබෙන්නෙ. මෙන්න මේකයි සීන් එක ඔය විදියට මසල් එකට රුදිර ය ගමනාගමනය වැඩි වෙනකොට තරල පිරීම නිසා මසල් එක තාව කාලිකව ප්‍රමාණයෙන් විශාල විමක් වෙනව.

ඕක අපි සාමාන්‍ය ජිම් ව්‍යවාහරයේ හදුන් වනව පම්ප් එක කියල. දැන් මීටර් ද ? පම්ප් වෙනව කියල කියන්නෙ ඔන්න ඕකට තමා.

දැන් ඇයි ඕක දිගටම තියාගන්න බැරි?

එහෙනම් ඉතින් ඩම්බල් එකක් කරේ බැදගෙන නිකන් ඉන්නකොටත් උස්ස උස්ස ඉන්න වෙනව. ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි හැබැයි අපි කියල දෙන්නම් මේ ක්‍රමය බාවිතා කරල ඉක්ම්නට සයිස් වෙන්න විදියක් ඒක ඊලග පොස්ට් එකෙන් . එක දිගට කිව්වොත් කිසිම ගතියක් නැහැනෙ.එහෙනම් ඊලග පෝසට් එක අනිවා බලන්න. අපි ගියාවෙ හැමෝටම සුබ දවසක්.

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න –

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක