හලෝ සහෝදරවරුනි කොහොමද? අද අපි කතා කරන්න හදන්නෙ තවත් බොහෝදෙනාට ගැටලුවක් වෙලා තියන දෙයක් ගැන. මම හිතන්නෙ ක්‍රෙයෙටින් ගැන නොදන්න කෙනෙක් නැති තරම් එවගේම ජිම් යන හුගක් අය ක්‍රියෙටින් බාවිතා කරල තියනව.

ප්‍රශ්නෙ තියෙන්නෙ හුගක් අය අපෙන් අහල තිබුන ක්‍රියෙටින් ගත්තම සයිස් වෙනවද කියල හොද පුරස්නයක්.මම මෙතන ක්‍රියෙටින් වල රසායනය ගැන වැඩිය කතා කරන්නෙ නැහැ.

එහෙම ඕනෙ නම් අපිට මැසේජ් එකක් දාන්න. අපි වීඩියෝ එකක් කරල දාන්නම්.බලමු ක්‍රියෙටින් වලින් සයිස් වෙනවද කියල මුලින්ම ක්‍රියෙටින් ගැන දන්නෙ නැති අය දැන ගන්න ඕන මූලික දෙයක් තමයි ක්‍රියෙටින් කියන්නෙ ප්‍රෝටීන් මාස් ගෙනර් වගේ සප්ලිමන්ට් එකක් නෙමේ .

ඒක වෙනම ආතල් එකක්.ක්‍රියෙටින් කියන්නෙ අපේ සිරුරෙ තියන දෙයක් අපි පිටින් දීල කරන්නෙ ඇතුලෙ තියන ප්‍රමානය වැඩි කරන එක.

ක්‍රියෙටින්වල මුලිකම ක්‍රියාවලිය තමයි අපේ ශක්තිය වැඩි කිරීම.අම්මට සිරි එතකොට සයිස් වෙන්නෙ නැද්ද ? පොඩ්ඩක් ඉන්ටකෝ

ප්‍රෝටීන් එකක් හරි මාස් එකෙක් හරි ගත්ත වගේ සයිස් වෙන්නෙ නැහැ. ක්‍රියෙටින් වලින් මසල් සයිස් වෙන්න උදව් කරනව ඒකියන්නෙ මෙහෙමයි මම ඉස්සල්ල කිව්වනෙ ක්‍රියෙටින් වලින් ශක්තිය වැඩි කරනව.

අන්න ඒවගේ ශක්තිය වැඩි කරනකොට අපිට ලොකු බර දාල සෙල්ලම් කරන්න පුලුවන්. අන්න එහෙම සෙල්ලම් කරනකොට ඩැමේජ් වෙන මසල් ෆයිබර්ස් ප්‍රමානය වැඩි වෙනව.

ඒ කියන්නෙ සරලවම කියනව නම් සයිස් වෙන්න සපෝර්ට් එකක් තියනව කියන එක කෙලින්ම නෙමේ වක්‍රව.තව දෙයක් තමයි ක්‍රියෙටින් වලින් water retention ඇතිවෙනව. ඒකියන්නෙ මාංශ පේශි සෛල තුල වතුර රදාවා ගැනීම වැඩි කරනව.අන්න එතකොටත් මසල් ප්‍රමානයෙන් විශාල වීමක් වෙනව.දැන් තේරුනාද ?

ප්‍රශ්න තියනව නම් අපිට මැසේජ් එකක් දාන්න. එහෙනම් කොල්ලො අපි ගියා. ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක