හලෝ සහෝදරවරුනි අද නම් නුවර එලියකි මා වෙසෙන ගම සීන් එකක් තියෙන්නෙ නේද ? සීතල ඉරිදාවක ටිකක් හොට් හොට් මාතෘකාවක් ගැන කතා කරන්න තමා සූදානම් වෙන්නෙ .

හුගක් අයට මහත් වෙන්න ඕනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඉක්ම්නට මහත් වෙන්න දගලන එක ඉතින් කට්ටිය රටේ නැති ජරාව ගහල මහත්වෙන්න උත්සහ කරනව අපිට කෝල් කරල එක මල්ලි කෙනෙක් ඇහුව අයියෙ s2f එකක් ගහන්නද ඩ්බෝල් එකක් ගහන්නද කියල ? ඇත්තටම මේ දෙකෙන් කෝකද හොද ගහන්ව නම් කොයි එක ගැහුවොත්ද හොද ප්‍රතිපල ගන්න පුලුවන් ?

ඔබ සියලුදෙනාගෙම බලාපොරොත්තු කඩ කරමින් මට කියන්න තියෙන්නෙ ඔය දෙකම ගහන්න එපා කියල මොකද කිව්වොත් ඔය දෙකේම ප්‍රශ්න තියනව.

බලමු එහෙනම් මොනාද මේ කියන තරම් තියන ප්‍රශ්න කියල s2f වලට ආවොත් s2f කියන්නෙ මොනාද කියල කවුරුත් හරියට දන්නෙ නැහැ. මේක ඇතුලෙ මොනා තියනවද කවුරු හැදුවද කොහෙ හැදුවද කියල මොනම දෙයක්වත් දන්නෙ නැහැ පැක් එකේ කොහෙවත් ගහලත් නැහැ කොටින්ම වෙබ් සයිට් එකක් වත් නැහැ.

ඔන්න ෆේස්බුක් පිටුවක් නම් තියනව. දන්නෙ ඔකගැහුවම කිසිම හැඩයක් නැතුව ඌරෙක් වගේ මහත් වෙනව කියල විතරයි. මේකේ හෝමෝන අන්ත්ර්ගතයි කියලසැක කරන්න පුලුවන් මොකද බාවිතා කරපු අයට අක්මාවට හානි වෙලා තියනව එවගේම වෙනත් අතුරුආබාද රාශියක් ඇති වෙලා තියනව. ඉතින් මේවගේ නමක් ගමක් නොදන්න දෙයක් ගහන්වද කියන එක ඔබට බාරයි ඔයා s2f බාවිතා කරපු කෙනෙක් නම් ඔයාටත් මොනාහරි ගැටලු ඇති උනා නම් හැමෝටම දැන ගන්න කමෙන්ට් කරන්න.

ඩිබෝල් වලට ආවම තත්වෙ ටිකක් වෙනස්.හැමෝම දන්නව මම හිතන්නෙ ඩීබෝල් කියන්නෙ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනයේ ව්යුත්පන්නයක් කියන එක. මේක ගත්තම අපේ සිරුරේ නිපදවෙන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමානයඅදිකව අඩුවෙනව

දිගටම බාවිතා කරොත් නවතින්නත් ඉඩ තියනව එවගේම තමයි අදික රුදිර පීඩනය ගයිනොකොමෙස්ටියා මද සරු බාවය වගේ දේවල් වෙන්නත් පුලුවන් . වෘත්තීය මට්ටමේ කායවර්දන ශිල්පියෙක් බාවිතා කරාට නිකන් මහත් වෙන්න ඩීබෝල් බාවිතා කිරීම කොහොමවත් අනුමත කරන්න බැහැ.

ඉතින් සමහර අය කියනව යකා කියන තරම් කලු නෑ කියල,

නෑ මල්ලි යකා අපි හිතනවටත් වඩා කලුයි.

ඒක නිසා පරිස්සමින් .එහෙනම් කොල්ලො අපි ගියා ප්‍රශ්න තියන ව නම් කමෙන්ට් කරන්න නැති නම් පේජ් එකට මැසේජ් එකක් දාන්න

ඔයාටත් ෆිට්නස් ගැන බොඩිබිල්ඩින් ගැන සප්ලිමන්ට්ස් ගැන ප්‍රශ්න තියනවද ? හරියට සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද ? එකතු වෙන්න අපේ පේජ් එකත් එක්ක.ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න