අදත් ෆිට්නස් හබ් අපි ආව අලුත්ම පොස්ට් එකක් අරන්. සප්ලිමන්ට් ලන්කාවෙ ජිම් යන කට්ටිය අතර වැඩියෙන්ම කතා බහට ලක්වෙන මාතෘකාවක්. ඉතින් සප්ලිමන්ට් ගැහුව කියල ඇග හැදෙනවද ? ඇයි සමහර අයට සප්ලිමන්ට් වැඩ කරන්නෙ නැත්තෙ ?

ඔයවගේ නානප්‍රකාර ප්‍රශ්න ගොඩකට අද උත්තර කතා කරන්න හදන්නෙ.ඇත්ත්ටම සප්ලිමන්ට් ගැහුවම සයිස් වෙනවද ?

ඔව් ..

හෝව් හෝව් මේක මෙහෙම සරලව කිව්වට ටිකක් සංකීර්ණ මාතෘකාවක්. එහෙනම් දැන් කිව්වෙ සප්ලිමන්ට් ගත්තම සයිස් වෙනව කියල ???ඔව් කිව්ව තමා හැබැයි අපි කිව්වෙ නැහැ නෙ සප්ලිමන්ට් වලින් විතරක් සයිස් වෙනව කියල.

දැන් තමා නියම පොයින්ට් එකට ආවෙ සප්ලිම්න්ට් ගත්ත කියල විතරක් සයිස් වෙන්නෙ නැහැ.මොකද ඔයාල මුලින්ම තෙරුම් ගන්න ඕන දේ තමයි සප්ලිමන්ට් කියන්නෙත් අපිට පෝශනය ලබාදෙන එක මාර්ගයක් කියන එක.

එක කෑම දෙක හරියට සෙල්ලම් කරන එක තුන රෙස්ට් එක.. ඔන්න හතරවෙනි තැනට සප්ලිමන්ට් දාන්න පුලුවන් .

හුගක් අය මම දැකල තියනව අහනව හොද සප්ලිමන්ට් එකක් කියන්නකො මේක වැඩ කරනවද අරක වැඩ කරනවද කියල අහනව මෙකයි සහෝදරයා ඔක්කොටම කලින් කෑමට මුල් තැන දෙන්න.

මදි පාඩුවට සප්ලිමන්ට් ගන්න. කෑම කියන්නෙ කොත්තු රයිස් නෙමේ හොදේ ?ඉතින් කොයිම වෙලාවකවත් කෑම වලට මුල් තැන නොදී සප්ලිමන්ට් වලට මුල්තැන දෙන්න යන්න එපා. කිසිම තේරුමක් නෑ.

ඒක නිසා ඔය කෙට්ටු කෙනෙක් නම් ට්‍රයි කරන්නෙ මහත් වෙන්න නම් සප්ලිමන්ට් ගැහිල්ල පැත්තක දාල හොදට කෑම කන්න ගුන කෑම ගන්න. ඊට පස්සෙ අවශ්‍ය නම් සප්ලිමන්ට් ගන්න. නැතුව සප්ලිමන්ට් මත්තෙ මැරෙන්න හදන්න එපා අරක ගත්ත වැඩ කලේ නෑ මේක ගත්ත වැඩ කලේ නෑ කියල කන්නෙ නැති නම් මොක ගත්තත් වැඩ කරන්නෙ නැහැ තමයි

ඔයාටත් ෆිට්නස් ගැන බොඩිබිල්ඩින් ගැන සප්ලිමන්ට්ස් ගැන ප්‍රශ්න තියනවද ? හරියට සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද ? එකතු වෙන්න අපේ පේජ් එකත් එක්ක.ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක